ලේන කුලයේ ඉඳන් පෙම් කළත් ඒ සිදුහත්
දෝසයක් නොහෙලම ඈ දැරුවෙ අත් හැරුමක්
අහඹු පෙම්කමක් ළග සැනසුමක් මග හැරුණත්
කොච්චරක් කල් දෙස් දෙවොල් තියන්නද ඔබ මෙහෙමත්
තඹ පාට ඉහිර ගිය ගිනියම්ම රළු වැල්ලත්
අවපාට ඉතුරු වුණු තරු මැරුණු හිස් අහසත්
සුබ නොවුණු ලකුණු ඒ තරම් පෙන්වූ පසුවත්
නතු නොවූ නුඹේ නෙතු ගැන මට ඇත්තෙ මහ තැවුමක්
තුට්ටුවක් නොකරම මන්මුලා කළ පසුවත්
මහමෙරක් දුක් දරන් දරු සුරැකි නුඹ නම් රැජිනක්
විජයලා නන් වෙසින් ඉන්නවා ඉතින් අදටත්
අගුලු නැති සන්නාලි දොරකඩ කොහොමත්
ලක් රජුන් තනන්නට නෑසියන් නැසුවාලු උන් කීවත්
යක් කුලේ සනුහරේ සාප නොකරන් ඈ නොනිමෙනා තරුවක්
ප්රේමයේ නොපනත්කමේ නොමැකෙනා මහ බොරුවක්
නිහඩවම හඩ දිදී අවනඩුව අසාවී ඈ හෙටටත්..
ආචාර්ය සදුනි රත්නායක – පාර්මස්ටන් නෝත්






