සඳ තාම තරුණයිනෙ කළුවරේ වෙලුනාට
සඳ කැලුම් අහස් තල හැඩ රටා ඇන්දාට
සඳවතට පෙම් බැන්ද තරු රෑන හිටියාට
සඳ දැනන් හිටියාලු හිරු එළිය දුන් වගට
සඳ බලන් හිටියාලු හිරු කුමරු වඩිනකොට
සඳ නොමැති හිමිදිරියෙ රත් නෙළුම් පිපෙනකොට
සඳ කැලුම් තුරුලු කර කුමුදු මල් සිටියාට
සඳවතිය හැමදාම පෙම් බැන්දෙ හිරු හිතට
සඳසාවියක වෙලා සඳට තනි රැක්කාට
සඳ දෙවඟනක් වෙලා සඳට කවි කිව්වාට
සඳ දියේ නැහැවෙමින් සඳ මත්තෙ හිටියාට
සඳ වහංවී ගිහින් නොකියාම හිරු සමග
චංගා කොඩි – ඕක්ලන්ඩ්






