තාත්තා උනත් බිලිඳුගේ මා කුසයේ සිටින
අම්මා මමයි බිලිඳුගේ කිරි සිහින දකින
නම්බුව රැක ගැනුම සඳහා ඔබ කල යෝජනාවට
රහසින් වසන්වී ආවෙමි බිළිද රැකගන්ට
ඔබ ගුරුතුමා විය මට සිප්සතර පෙව්
එනමුත් ආදරය වෙනතක අපි යොමු කරව්
පිළිගත නොහැක ඔබේ ඔවදන මෙයින් මතු
බිළිඳු සිනා දකින්නෙමි මම ලොවක් පැතූ
අතරමං කළේ නැත පුතු සහ මා මහමගට
අම්මාවරුන් සහ දරුවන්ටයි වින කළේ ඔබ
මා දන්වා සිප්සතර ඇත දිවි රැක ගන්ට
මතු යම් දිනක සරණක් වෙමි සැම දරුවන්ට
අම්මා දකින සිහින සැමදා මල් යහන් නොවේ
පුතුට කියාදුන්නෙ මිනිසත්කම රැකගන්ට ලොවේ
මගේ පෙම් ගීතය වියැකී ගියත් මගේ සිහින ලොවේ
සැබෑ පෙම්වතුන් හට ජය පැරදුම හැමදා හමුවේ
ගුරුතුමා
මා සිත දුක් ගින්දර විය නොමනා යෝජනාවට
අහස පොළොව යට විමසුම ඔබේ රුව දැක ගන්ට
මා නෙත ගැටුන දින පුතුගේ සුන්දර සිනහා කට
සිසුවිය නොවේ ඔබ මව් කෙනෙකි ගුරුතුමා හට
By Sisira Munasinghe – Churton Park