ඇසුවේද කවුරුන්දෝ කියූ ඒ කව
“රගහලකි” මුළුලොවම
අපි හැම එහි රඟනා
නළු නිලියෝම වෙමු
සමහරු නික්මයති අකාලේ
තවෙකෙක් නික්මයති කල්මරා
උන්හැමට ඇතුලු වීමක් ද
නික්මයාමක් ද උරුමකොට
වේදිකාව බලාහිදී පසෙකහිද
හැමකෙක්ම රඟදෙති නෙක භූමිකා
ජීවිතේ ඇති තුරා, එනමුත්
නික්මයන බව නොදැන
සමහරු රගදෙති අනුන්ගේ පදයට
ඉන්නා ටික කාලෙදි අපි
දැහැමින් මෙත්සිත් පතුරමින්
නික්මයමු “රඟහලෙන්”
By Priyanthi Adihetti Opatha