සඳ දුරයි නොහැක මට ළංවන්න
සඳ දිලෙයි හැකියි මට දැක ගන්න
පුන් පෝය දින රෑට දුටුවාම
වෙර අරන් ඉගිලෙනවා ඔබ ළඟට
ඔන්න මං ඉගිලෙනවා තිර ලෙසම
නිල් පාට අහස් කුස දුර ඈත
මල් පිපෙන පුන් පෝය දා රෑට
කිමද ඔබ පිපෙන්නේ ඔය ලෙසට
කියන්නකො අළුයමින් ඇවිත් මට
හිරු වුණත් වසාගෙන
මම හිඳිමි නොනිදාම
දිළෙන ඔබෙ කිරණ විත් මං ළඟට
කියන දේ තේරෙන්නෙ නෑ මහට
කඳුළු එනවා එවිට තෙමාගෙන මුව දිගට
සුළඟ එතකොට ඇවිත් මං ළඟට
කඳුළු පිසලා යනවා පේන්නේ නෑ ඔබට
සුළඟ ඇවිදින් සෙමෙන් කැරකිලා
තුරු හිසේ ඔබෙ කිරණ දවටලා
සිහින් හඬකින් ගීත ගය ගයා
මිහිර දෙනවා නොවෙයි
මාව නළවනවානෙ සඳ
එවිට මට හිතෙන්නෙම ඔබ තමයි
සුළඟ එව්වෙත් මෙහෙට ඇත්තමයි
මගේ පැළ දැක්කනේ ඔබත් සඳ
මගෙ පැටව් අඬනවත් දැක්කාද
ඇත්තමයි පුන් පෝයදා රෑට
මගෙ පැටව් බඩගින්නෙ හිනැහෙනවා
බලාගෙන ඔබේ දෙස උඩ අහසෙ
ගයනවා ලස්සනට රස ගීත
ඒකමයි මං බලන් ඉන්නවා
එන්න පුන් සඳ රෑට නළවන්න මුළු ලොවම
ඩී. අමරසිරි ගුණවර්ධන – ඕක්ලන්ඩ්






