දුරක ගොස් සිටි
හිරු නැවත ව්ත්
සීත මීදුම දුරුවෙලා,
මෙතෙක් කල්
නිදි සුවෙන් හුන්
ගස් වැලුත්
නින්දෙන් ඇහැරිලා,
හනි හනික නෙක
පැහැය අරගෙන
රුවැති ඇදුමෙන්
හැඩවෙලා,
ඔන්න ආයෙත්
බලා හිදිනව
නව වසරකට
සැරසිලා.
කුරුළු කූජන්
ඇසෙයි දසතින්
නැවුම් හැගුමන්
එක්වෙලා,
කූඩුවෙන්නට
නැකැත් කාලය
හිරුත් සමගම
එලැබිලා,
කුස දරාසිටි
මල් පලත්
තුරු මුදුන්
මත ලෝකය
දකියි,
හිරුට වැඳ
වැඳ කුමුදු
මානෙල්
නිල් දියේ සුළගට
වැනේ.
මලක් ගානේ
බිගුන් නාදේ
විහග ගීයට
තාලයයි,
මවත් සමගින්
කෙළිදෙලෙන්
යන වසුපැටියකුගෙ
සුරතලෙයි,
සිතක් සැනසෙන
සොදුරු දසුනම
සැමඅතම සිරියා
මවයි,
අළුත් අවුරුදු
කුමරු එන්නට
තවත් හෝරා
කීපයයි.
ගෙදර දොර
හැඩවෙලා
යස ඉසුරු
වැඩිවෙන්න,
සරස්වතියගෙ
බැල්ම හැම
හදට ලවෙන්න,
මනස සුව පහසුවෙන්
නිතර පිවිතුරු
වෙන්න,
නව වසර පුරාවට
ඔබට සුබසෙත
දෙන්න.
දුරස් වූ සබදතා
යලිත් සවිමත් වන්න,
දෝත පා සෙනෙහසින් වැළඳ
යලි ළංවෙන්න,
මෙතෙක්කල්
සිත් පෙලූ
රෝග බිය
දුරුවෙන්න,
සිනාසී මුව පුරා නව වසර පිළිගන්න.
By Yamuna Palihawadana