රට කරවන උන්ට
නැත රට ගැන කැක්කුමක්
පුරවැසියන් හරියට
ඇවිදින ඇටසැකිළි වගේ
මේවා කියන්නේ කාටද
කීමට නම් නොදනී.
ගාලුමුවදොර පිටිය සුදානම්
නිදහස සමරන්න..
වැට් බදු මේ බදු අර බදු
සමගින් මිරිකී
වැසියන් සිටි දසත බලාගෙන
ඒ බව දැන දැනත් ලොක්කන්
කති- බොති දමති සැණකෙලිත්
ඒ මදිවාට වැඩි කළ වැට් එකෙන්
මුහුදට වෙඩි තියයි ජයටම,
කාටද පේන්නේ අපි දුක් විදින නියා
මහ පිරිතෙන් අවදිව ජය පිරිතෙන්
නින්දට ගිය ජාතියට
කීම මේ සිදු වුන කරුමේ
නිදහස කියන්නේ මේකටද
කියාදෙන්න කරුණාකරලා
තිස්තුන්කෝටියට
කිමවුණු අරුමේ
කව්රුත් නැද්ද බේරන්නට
හෙළ උරුමේ
පුතේ මේ නුබේ දැයයි
රැකගැන්ම නුබට බාරයි!
By Priyanthi Opatha – Auckland