සුන්දර ලංකාව අතහැර ආ දිගු ගමන
වෙහෙසකාරී වන්නට ඔබ ඉඩ නොහැර
අලසකමින් වැතිරී උඩු බැලියන් අතට
හොයපල්ලා ජොබ් එකක් හැම පාරක කොනක
කාලය ගෙවී යයි නිරතුරු නොදැනීම
නොදැනී ගෙවන කාලය හරි සුන්දරය
සුන්දර ලොවේ මතකය අමතක නොකර
හෙළයනි වැඩ කරවු රෑ නිදි මරාගෙන
උදයේ කුරුලු නාදය සේ පිබිදෙන්න
පිබිදුනු මනස ඔබ සුරැකිව රැකගන්න
දහඩිය හෙළා ඔබ සුව නින්දට යන්න
ලොවට ණය නොවී ඔබ ලොව ජයගන්න
ලංකා දු පුතුන් නැණ බලයෙන් යුතුය
ඔවුනට සමකරන්න කිසිවෙකු හට බැරිය
හැබැයි පිරිස සිටියත් ළඟ නිරතුරුව
තමා හිසට තම අතමය සෙවනැල්ල
ක්රිෂාන් ගාල්ලගේ – ඕක්ලන්ඩ්






