පැහැය සුවද වෙනස් උවත්
රුව ගුණ එක සේ නොවුනත්
නැණ බල නොම උවත් සමා
සැම දරුවම මලක් තමා
තම තමාට හැකි විලසා
උන් පියඹති අහස සොයා
බලනුව ඒ දෙස සතොසා
ඒ සැම සමනලුන් මෙනා
දිරිය දෙමින ගුණ වයමින
සෙනෙහස රැකවරණ දෙමින
ලැබුනොත් නිසි අවධානය
දිදුලයි උන් හිරුට සමව
යමුනා පලිහවඩන – හැමිල්ටන්






