මේ අවුරුද්දෙත් නෙල්සන් අපි අවුරුද්ද සැමරුවා.
මේ වසරේ වෙනසක් තියෙනවා. පුංචි ටීම් එකක් එකතුවෙලා හැමදේම ලෑස්ති කරන එකෙන් ඔබ්බට ගිහිල්ලා අපිට පුළුවන් වුණා විශාල පිරිසක් එකතු කරගෙන මේක කරන්න.
ඒකමනේද අවුරුද්ද කියන්නෙ…?
හැමදේම විනිවිද බවකින් කාටත් වෙනසක් නොකර ලක ලෑස්ති කරන ගමන්ම අපි ආරාධනා කළා නෙල්සන් නගරයට මුලින්ම ගොඩ බැස්ස ලාංකිකයො තුන්දෙනාට අපේ ආරාධිතයො විදිහට. ඒ අතරම නෙල්සන් උප නගරාධිපති රොහාන් මහත්මයා සහ නෙල්සන් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි රෙචල් මහත්මියටත්.
අවුරුදු කෑම මේසය,අවුරුදු ක්‍රිඩා මෙකී නොකී බොහෝ දේ එක්ක මාර්තු 30 වෙනිදා ලස්සනට අපි අවුරුද්ද සැමරුවා.
නෙල්සන් නගර මධ්‍යයේ තියෙන ANZAC උද්‍යානයේ උදේ 10 සිට දවස පුරා පැවැත් වුණ අපේ අවුරුදු උත්සවයට ලාංකිකයො හැමෝම වගේ ඇවිත් හිටියා. බොහෝ සතුටින් ඒ හැමෝම දවස ගෙවන හැටි දැකීම ලොකු සතුටක්.
වැදගත්ම දේ තමයි අපේ දරුවන්ට අපේ සිංහල අවුරුදු චාරිත්‍ර ටික දැකගන්න ඉඩදීම. මොකද මේ අතරින් සමහර දරුවො ඉපදිලා තියෙන්නෙත් නවසීලන්තයේ. එයාලට මේ දේ දැකගන්න අවස්ථාවක් ලබා දීමම භාග්‍යයක්.
ඒ අතරම ස්තුති කරන්න ඕනෙ අපේ අවුරුදු වේදිකා සැරසිලි ටික බෙහෝ මහන්සියෙන් වෙලාවට ඉටු කර දුන්න නිලන්ත සහෝදරයට හා එයට උදවු කළ අනිත් පිරිසට.
ඒ අතරම දිවා රෑ බොහෝ වැඩවල දී උදවු කළ හැමෝටමත් ස්තුතිවන්ත වෙනවා.
එක ලාංකික කණ්ඩායමක් විදිහට මොන දේ කළත් ලැබෙන සතුට අප්‍රමාණයි ……..