අද රෙසිපිය ඔබ වෙත ගෙන එන්නේ කාර්ටටොන් The Olive Branch හිමිකරු -සූපවේදි ජිෆ්රි ය.
The Olive Branch හිදී ඔබට රස බැලිය හැකි “Turkish/Mediterranean” ආහාර පාන අතරින් ප්‍රමුඛත්වය දක්වන LAMB SHISH හෙවත් Turkish Salad රෙසිපිය පහළින් දැක්වේ.
අවශ්‍ය අමුද්‍රව්‍ය
1 Kg Lamb
ලුනු මේස හැඳි 1
ඔරිගානෝ මේස හැඳි 1
පැප්‍රිකා මේස හැඳි 1
සූඳුරු තේ හැඳි 1
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
පොඩි කරගත් සුදු ලූණු මේස හැඳි 1/2
කැනෝලා තෙල් 100ml
සාමාන්‍ය කිරි 100ml
ඉහත සඳහන් අමුද්‍රව්‍ය කැබලි වලට කැපූ මස් සමඟ හොඳට මිශ්‍ර කර පැය 24 ක් පමණ ශීතකරණයේ තබන්න. ඉන් පසු මැරිනේඩ් වූ මස් Bamboo skewers වලට skewer කර ගන්න. ඉන්පසු එක පැත්තක් විනාඩි පහක කාලයක් pan-fry හෝ grill කරගන්න. විනාඩ් 10 ක කාලයක් තුල සියලුම පැති පිස ගැනීමට උත්සහා කරන්න. වැඩිපුර වෙලා උයා ගන්න යාමේදී මස් වේලීමට ලක් වන්නට පුලුවන්. මේ Lamb shish එක garlic yogurt, hummus, sweet chilli, aioli යන sauces සමඟ පිළිගැන්විය හැකිය.
The Olive Branch හිමිකරු -සූපවේදි ජිෆ්රි.
Carterton, New Zealand
91,High Street North, Carterton , 5713
www.olivebranchcarterton.co.nz