fbpx
11.3 C
New Zealand
Sunday, November 22, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

බෝදිලිමා – ඇන්ටන් චෙකොව් | කේ. ඒ. බී. කරුණාරත්න | හැමිල්ටන්

Must read

චෙකොව් මෙම කතාවෙන් එදා රුසියානු සමාජයේ වූ පංති බෙදීම හාස්‍යයෙන් හුවා දක්වයි. කතාව Chameleon (බෝදිලිමා) නමින් යැදින්වීම ප්‍රධාන චරිතයට එල්ල කළ තියුණු උපහාසයකි.

අලුත්  කබායක් ඇඳගත් පොලිස් අධිකාරී ඔචුමෙලොව් කිහිල්ලේ පාර්සලයක් ගසා ගෙන, තවත් පොලිස් නිලධාරියෙකු සමග වෙළඳපොල චතුරශ්‍රය හරහා ඇවිදිමින් සිටියේය. වටේටම වූයේ ආත්මයකින් තොර වූවා වැනි  නිහඬ බවකි.  සාප්පු සහ තැබෑරුම්වල විවෘත වූ දොරවල් දෙවියන් වහන්සේ මැවූ ලෝකය දෙස කණගාටුවෙන් බලා සිටියේය.  

‘අල්ල ගනිල්ල ‘  ඔචුමෙලොව්ට කවුදෝ කෑඩ ගසනු  හදිසියේම ඇසුණේය. ‘තිරිසනා? යන්න දෙන්න එපා කොල්ලො! මේමේක නීති විරෝදියි.’ ටික ටික සෙනග සමීපයට එක්වන්නට වූහ.

‘මොකක්දෝ කොලාහලයක්, සර්…’  සමීපයෙන් ගිය පොලිස් නිලධාරියා ඔචුමෙලොව්ට පැවසුවේය.

‘මොකද?’ ඔචුමෙලොව් පිරිස අතරට ගියේය.. ‘උඹ මෙතන මොකද? ඇයි උඹේ ඇඟිල්ලට මක් වුණාද? කාටද කෑ ගැහුවේ?’ ඔචුමෙලොව් ඇඟිල්ලක් අල්ලාගෙන බල්ලෙකු පසු පස දුවන මිනිසෙකු දැක නතර කර ඇසුවේය.

‘මම මගේ පාඩුවේ මෙතනට ආව සර්,’ මිනිසා, හෘයුකින්, තම අතට කහිමින් කතාව පටන් ගත්තේය. ‘මම මිට්‍රි මිට්‍රිච්ට දර ගැන කතා කර කර හිටිය. කිසිම හේතුවක් නැතුව මේ පාදඩ තිරිසනා මගෙ ඇඟිල්ල හපා කෑව. අනේ සර් මම මාන්සිවෙලා වැඩ කරන මිනිහෙක්. ඒක මං හොඳට කරනවා. මට වන්දියක් ඔනැ, මොකද මට මේ ඇඟිල්ල සතියක් පාවිච්චි කරන්න බෑ. මෙහෙම ඔක්කොම හපා කන්න ගියොත් ජීවත්වෙන්න පුළුවනිද?’

‘යෙල්ඩිරින්,’ පොලිස් අධිකාරීවරයා  තමා අසල සිටි  පොලිස් නිලධාරියාට කතා කළේය. ‘මේ බල්ලා කාගේද කියලා බලාපන්! ඌ අල්ලලා හිර කරන්න ඕනැ. පරක්කු නැතුව. පිස්සු බල්ලෙක්ද කොහෙද?මං අහන්නේ මේ කාගෙ බල්ලෙක්ද?’

‘මං හිතෙන්නේ ඌ ජෙනරාල් ෂිගාලොව්ගේ කියලා,’ පිරිස අතරේ සිටි කෙනෙකු කියනවා ඇසුනි.

‘ජෙනරාල් ෂිගාලොව්ගේ, හ්ම්…, යෙල්ඩිරින්… හරිම ඌස්නෙ! වහින්න වගෙයි. මට හිතාගන්න බෑ මේ සතා උඹව හපා කෑවෙ කොහොමද කියල? ඔචුමෙලොව් හෘයුකින්ගෙන් ඇසුවේය. ‘ඇත්තට ඌට පුළුවනෑ උඹේ ඇඟිල්ලට පනින්න. පොඩි පැටියෙක් නේ. ඔය නියපොත්තකින් උඹේ ඇඟිල්ල හීරෙන්න ඇති. ඊට පස්සේ ඒකට කාගෙන් හරි වන්දියක් ගන්න හිතුව. අපි දන්නවා උඹල වගෙ යක්කුන්ගෙ හැටි.’

‘සර්, මෙයා බල්ලගෙ මුහුණට සිගරට් කොටේකින් ගැහුවා. මිනිහ පිස්සෙක් සර්.’

‘ඒක බොරුවක්, ස්ක්වින්ටේයි! උඹ දැක්කෙ නැතුව බොරු කියනවා. සර් තේරෙන කියන කෙනෙක්. දෙයියො ඉස්සරහ ඇත්ත කියන්නෙ බොරු කියන්නෙ කවුද කියල සර් දන්නවා. මම බොරුවක් මුසාවක් කියනව නම් උසාවිය  ​​තීරණය කරාවි. නීතියෙ හැටියට අපි ඔක්කොම එකයි.’

‘වාද කරන්න එපා.’

‘මේ ජෙනරාල්ගෙ බල්ලෙක් නෙවි,’ පොලිස් නිලධරයා නැවත කියන්නට වීය. ‘උන්නහැට ඉන්නෙ හොද වටින බල්ලො.’

‘උඹට ෂුවර්මද?’ පොලිස් අධිකාරිවරයා ඇසුවේය.

‘ඔව් සර්.’

‘මම දන්නවා. මූ කිසි ආතක් පාතක් නැති තිරිසනෙක්. උන්නැහැ මේ වගෙ බල්ලෙක් තියා ගන්න එකේ තේරුම මොකක්ද? මෙහෙව් එකෙක්  පීටර්ස්බර්ග්වලට හරි මොස්කව්වලට හරි ආවොත්, මොකද වෙන්නේ කියල උඹල දන්නව නෙව. නීතියක් බලන්නෙ නෑ. ඇහිපියට බෙල්ල මිරිකල දානවා. හෘයුකින්, උඹට තුවාලයි, මේක අතාහරින්න බෑ. උන්ට හොද පාඩමක් උගන්වනව. මේ  පාදඩ බල්ල ඉවරයක් කරල දාන්න ඔනැ. වෙලාවත් හරි… !’

‘ඒත් මූ ජෙනරාල්ගේ වෙන්නත් පුළුවන්,’ පොලිස් නිලධාරියා නැවත කල්පනාකරමින් කීවේය. ‘මූණෙ ලියල නෑ නෙව කාගෙද කියල. දවසක් මූ  උන්නැහැගෙ මිදුලෙ ඉන්නවා මං දැක්ක.’

‘ජෙනරාල්ගේ. ෂුවර්!’ සෙනඟ අතරින් කෙනෙක් කෑ ගැසුවේය..

‘හ්ම්, මගේ උඩ කබාය ඇඳගන්න වෙනව, යෙල්ඩිරින්, හුළඟ සැරයි. හීතලයි. ඔයා මෙයාව ජෙනරාල් ළඟට ගෙනිහින්  මම හොයාගෙන එව්වා කියල කියන්න. මෙයාල පාරට එවන්න එපා  කියන්න. වටිනා සත්තු. හැම ඌරෙක්ම මෙයාලගෙ කටේ සුරුට්ටු ගහන්න ගියොත් කම්මුතුයි. බල්ලෙක් කියන්නේ හුරතල් සතෙක්. උඹ ඔය මෝඩ  අත පහළට දාගනින් හෘයුකින්. ඇඟිල්ල පෙන්නලා වැඩක් නෑ. ඒක . .’

‘මෙන්න ජෙනරාල්ගේ කෝකියා එනවා, එයාගෙන් අහන්න.’

‘හානේ, ප්‍රෝහෝර්! මෙහෙට එන්න, මේ බල්ලා එහේද?’

‘මොන! අපිට කවදාවත් මෙහෙම එකෙක් හිටියෙ නෑ!’

‘මේව අහල වෙලාව නාස්ති කරන්න ඕන නෑ,’ ඔචුමියෙලොව් කිව්වේය. ‘මූ අයාලේ යන බල්ලෙක්! කාලය නාස්ති කරන්න ඕන නෑ. පාදඩ  බල්ලෙක්. ඉවරයක් කරල දාන්න, එච්චරයි.’

‘මේ අපේ බල්ලෙක් නෙවෙයි,’ ප්‍රෝහෝර් තවදුරටත් පැවසීය. ‘අපේ ජෙනරාල්ගේ සහෝදරයාගේ. අපේ සර් දඩයම් බල්ලො හදන්නෙ නෑ. ඒ්ත්  උන්ට ආදරෙයි. .’

‘ඔයා කියන්නේ ජනරාල්ගෙ සහෝදරයා මෙහෙ ඉන්නවා කියලද? ව්ලැඩිමීර් ඉවානිච්?’ ඔචුමියෙලොව් ඇසුවේය. ඔහුගේ මුළු මුහුණම ප්‍රීතිමත් සිනහවකින් බැබලුණේය. ‘මං දැනගෙන හිටියේ නැහැ එයා ඇවිල්ල කියල?

‘ඔව්.’

‘සංතෝසයි. යස බලු පැටිය. මේ මිනිහ ඇඟිල්ලෙන් ඇනල! හ-හ-හා… එන්න, පැටියෝ ඇයි බයද?’

‘ර් ර් ර්. ර් ර් ර්.. .’

‘හුරතලා.’

ප්‍රොහෝර් බල්ලාට කතා කර ඌ සමග පිටව ගියේය.

—

කෙටි කළ සිංහල අනුවාදය: කේ.ඒ.බී.කරුණාරත්න – හැමිල්ටන්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.