fbpx
16.6 C
New Zealand
Sunday, March 16, 2025

The Only Sri Lankan Community Newspaper in New Zealand

කැඩපතින් එහා – Beyond the Mirror

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

‘ශ්‍රී ලාංකේය නාට්‍ය වේදිකාවේ නවසීලන්තකරණය’ මාර්තුවේ රඟහලට පිවිසෙන වගයි. ආස්වාදනීය මොහොතක සජීවී සාක්ෂිකරුවන් වීමට, ඔබේ දිනය දැන්ම වෙන් කර තබා ගන්න.’

  • අධ්‍යක්ෂක – රෝහිත කරුණාරත්න
  • පිටපත – ප්‍රසන්නජිත් අබේසූරිය
  • සංගීතය – විශාරද අශංක දෙනියගේ
  • නිෂ්පාදනය – ජයන්ත  නානායක්කාර

  ***  *** ***

‘දුක්ගන්නාරාල’, 1989 පළමු වරට ශ්‍රී ලංකාවේ රඟ දක්වනු ලැබූ නාට්‍යයකි. රාජ්‍ය සම්මාන, යෞවන සම්මාන, ප්‍රේක්ෂක හා විචාරක ප්‍රසාද ලැබුවකි. ඉංග්‍රිසියට පරිවර්තනය කර ඇමෙරිකාවේ රඟ දැක්වනු ලැබුවකි. මෙදා නවසීලන්තයේ ‘කැටපතින් එහා’ නමින් එළිදැක්වෙන්නේ ඒ ‘දුක්ගන්නාරාළ’ගේ නවසීලන්ත අනුවාදයයි. ජයන්ත  නානායක්කාර නිෂ්පාදනය කරයි. රෝහිත කරුණාරත්න අධ්‍යක්ෂණය කරයි.

දුක්ගන්නාරාළ ලියා නිෂ්පාදනය කළේ,  නාට්‍ය කලාව,රංගනය, නර්තනය හා වීදි නාට්‍යය දුරදිගට අධ්‍යයනය කර සිටි ප්‍රසන්නජිත් අබේසූරියයි. රෝහිතද ප්‍රසන්නජිත් සමග නාට්‍ය කලාවේ පරිචය ලබාගන්නට දසක සතරක පමණ කාලයක් වැය කර ඇත. මහාචාර්යය එදිරිවීර සරච්චන්ද්‍ර, සෝමලතා සුබසිංහ, දයානන්ද ගුණවර්ධන වැනි ශ්‍රී ලාංකික සාහිත්‍යය හා නාට්‍යකලා භූමියේ මහත් ප්‍රසාදයට පත් ප්‍රවීනයන්ගේ වැඩමුළු වලට සහභාගි වූ ඔව්හු ඒ අයගේ නිර්මාණ අධ්‍යයනය කරමින්, ඒවායේ  රඟපෑම් කළහ. අත්දැකීම් හා ආභාෂය ලබා ගත්හ. විෂය දැනීම තවදුර  පූර්ණනය කර ගත්හ.

රෝහිත ‘කැඩපතින් එහා’ නවසීලන්ත ප්‍රෙක්ෂකයනට අද ඉදිරිපත් කරන්නේ මේ පන්නරය සමගය.

මේ පරිචය සමගය. ප්‍රසන්නජිත් අබේසූරියගේ දුක්ගන්නාරාල නාට්‍යයේ  ප්‍රධාන චරිතය වන ‘මිනිසා’, ‘කැඩපතින් එහා’ නාට්‍යයේ නවසීලන්ත භූමිකාවේ කොතෙක් දුරට ඉදිරියට යන්නේදැයි විසමසිලිමත් වීමෙන් මේ කාරණයට ඔබට පසක් වනු ඇත.

‘Reflection Studios’  නමින් සහෘදයන් සතරදෙනෙක්  එක්ව ආරම්භ කළ ප්‍රාසාංගික කලා සංගමය මගින් පහත සඳහන් දිනවල නවසීලන්තයේ නගරවල ‘කැටපතින් එහා’ රඟ දක්වනු ඇත.

  • වෙලිංටන්  මාර්තු 08 – Lower Hutt Little Theater
  • ඔක්ලන්ඩ්  මාර්තු 29 – Glen Eden Playhouse Theatre
  • හැමිල්ටන් අප්‍රේල් 05 – Gallagher Performing Art Theatre

මූලික තේමාව වන්නේ ‘කැටපත මත පෙණෙන මායිමෙන් එහාට’ බලන්නට ප්‍රේක්ෂකයාට ඇරයුම් කිරීමකි. ජීවිතය සංතෘප්ත කරවීමට අප තබාගන්නා ගේ දොර, රැකියාව වැනි ඉලක්ක හුදෙක් මායාවන් බව පවසන රෝහිත, සේකරගේ ප්‍රබුද්ධ කාව්‍ය මෙහිලා සිහිපත් කරයි.

‘බතක්-වතක්-ගෙයක් දොරක්
ලද පමණින්
රස්සාවක් ලද පමණින්
විමුක්තියක් ලැබිය හැකිද
අසහනයෙන් මිදිය හැකිද

සංසාරේ නිරන්තරව තැවරී ඇති
දුක එතැනින් නිමා වේද…’ යි සේකර,  ප්‍රබුද්ධ කාවන්‍ය සංග්‍රහයෙහි  සටහන් කරයි.

ප්‍රාථමික මට්ටමේ අවශ්‍යතාවයන් සපුරා ගත් මිනිසාට ඉන් එහාට සිතීමට දෙයක් ඇත.

‘ගැටළුව ඉදිරිපත් කරනු විනා එය විසඳීම අපගේ කාර්යය නොවේ,’ යි වරක් ඇන්ටන් චෙකොෆ් පැවසීය. මෙතැනින් ඔබ්බට යන අද නාට්‍ය කරුවා, අප සංතෘප්තිය සඳහා තබා ගන්නා ඉලක්කවල යථාර්ථය පෙන්නුම් කරදෙමින් ඉන් ඔබ්බට අප යායුතු ඉසව් ගැන  ඉඟියක් ලබා දීම නාට්‍ය කරුගේ වගකීමක් බව  රෝහිත  පවසයි.  ‘කැටපතින් එහා’  මේ වගකිම ඉටුකිරීමට උත්සාහ කරන බව ඔහු විශ්වාස  කරයි.

ඉංග්‍රිසියෙන් භාවිතාව හුරුපුරුදු නවසීලන්තය වැනි සමාජ රටාවක මෙසේ සිංහල නාට්‍යයකරණයට හුරු කරවීම එක්තරා අභියෝගයකි. මේ නිසාම ඉදිරිකාලයේ දී නවසීලන්තයේ ප්‍රධාන නගර කිහිපයක නාට්‍ය සම්බන්ධව වැඩමුළු කිහිපයක් පැවැත්වීමටද Reflection Studios සැලසුම් කරන බව රෝහිත පවසයි.

-ශ්‍රී ලංකන්ස් අපි, මෙම උත්සාහය සාර්ථකවේවා යන සිතින්  ‘කැඩපතින් එහා’ සියලුම ශිල්පීන්ට සුබ පතමු-

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.