ආහාරයෙන් පසු විශ්රාමික මිතුරන් දෙදෙන සාලයේ සිටිද්දී ඔවුන්ගේ භාර්යාවෝ දෙදෙන මුළුතැන්ගේ අස්පස් කිරීමට ගියහ.ඒ අතර දෙයාළුවෝ කතාවට වැටුණාහ.
ජෝන්- අපි අනික් දවසේ වෙන රෙස්ටෙන්ට් එකකින් කෑම කමු.
ප්රැන්සිස්- ෂෝක් තැනක් තියනවා. මට නම මතක නෑ.
ජෝන්- කින්ග්ස් රෙස්ටොරන්ට්ද?
ප්රැන්සිස්- නෑ. නෑ. අර මොකක්ද අර මල් ජාතියක් තියෙන්නෙ?
ජෝන්- නෙළුම්?
ප්රැන්සිස්- නෑ. ඊට වෙනස් නමක්. මේ ගොඩ හැදෙන එකක්.
ජෝන්- ඇන්තූරියම්?
ප්රැන්සිස්- නෑ. නෑ. මේ එහා පැත්තෙ වත්තෙත් තියෙන්නෙ.
ජෝන්- රෝස්?
ප්රැන්සිස්- ආං හරි. (මුළුතැන්ගේ දෙස බලා-) මේ රෝස් මොකක්ද අර අපි ඊයේ කෑම කෑව රෙස්ටොරන්ට් එක?