fbpx
11.6 C
New Zealand
Sunday, November 22, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

හිස රදය | දයා ප්‍රතාපසිංහ | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

බොහෝ දෙනෙකු පීඩනයට පත් කරවන තද, නොඉවසියහැකි හිස රදය ගැන මම වෛද්‍ය අශෝක ඩයස් මහතා සමග සාකච්ඡා කළෙමි.

‘රෝග ලක්ෂණ අනුව පමණක් රෝගයක් ගැන විනිශ්චය කරන්න වෛද්‍යවරයෙකුට බැහැ. රෝගියා පරීක්ෂාවට ලක් කරලා තව විස්තර දැන ගැනීම අත්‍යාවශ්‍යම වෙනවා. සමහරවිට යම් යම් පරීක්ෂණ කරන්නත් අවශ්‍ය වෙන්න පුළුවන්.’

තද හිසරදයක් තියෙන නිසා මෙය ‘හිස රදය’ නැමැති රෝගය වෙන්න බැරිද?

‘හිස රදය තවත් රෝගයක ලක්ෂණයක්. නමුත් බාහිර හේතූන් මත, එනම් පරිසාරික හේතූන්, ආතතිය, නිදිවර්ජිතව සිටීම, විජලනය, හෝමෝන විපර්යාස, කොම්පියුටර් හෝ දැඩි හිරු රශ්මි කිරණ දෙස බලා සිටීම වැනි දේවල් බලපානවා.  මෙම හිසෙහි ඇතිවන රුදාව ප්‍රාථමික හිසරදය ලෙස හඳුන්වනවා. එවැන්නක් බොහෝවිට නිකම්ම හෝ පැනඩෝල් පෙති බිව්වම එය මගහැරී යන තාවකාලික රෝගී තත්වයක්.’

ප්‍රාථමික නොවන වෙනත් හිසරද ඇත්නම් එම ප්‍රධාන රෝගයක් ගැන විස්තර කළ හැකිද? 

‘වෙනත් හිසරදයන් රැසක් නම් කරන්න පුළුවන්. ඔබ මුලින් සඳහන් කළ කාන්තාවගේ රෝග ලක්ෂණ අනුව එය ප්‍රාථමික තත්වයට එහා ගිය හිසේ වේදනාවක් බව පේනවා. දරුණු වේදනාවක් හිසේ පැත්තක් හෝ දෙපැත්තේම ඇත්නම්, ශබ්දය ආලෝකය කිසිසේත් දරා ගත නොහැකි නම් එය සමහර විට මයිග්‍රේන් නැමැති හිසරද රෝගයක් වෙන්න පුළුවන්. එම රෝගය වමනය, ඔක්කාරය වගේම වේදනාව ඇඟිල්ලක් තැළුණු වගේ, දරුණු හැකිලෙන පිම්බෙන (throbbing) ස්වභාවයක් තියෙන්නෙ. මෙම රෝගියාට පූර්ව රෝග ලක්ෂණ ලෙස යමක් මිරිඟුවක් වගේ පේන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ පෙනීම බොඳ වෙලා ඔවුනට පුද්ගලයෙකුගේ වුනත් දර්ශණය වන්නේ කොටසක් පමණයි. මෙය වැඩිපුර හැදෙන්නෙ ගැහැණු පාර්ශ්වයේ අයට. මයිග්‍රේන් දින කිහිපයක් පවතින්නත් පුළුවන්. දැඩි නම්, දෛනික ජීවිතයට පවා බරපතල ලෙස බලපායි.’

මයිග්‍රේන් යන විශේෂිත හිසරද වර්ගයට හේතු මොනවද?

‘හේතු සම්පූර්ණයෙන්ම පැහැදිලි නැති නමුත්, සමහර දේවල් මයිග්‍රේන් ආරම්භ කිරීමට හේතු විය හැක:

  • මානසික ආතතිය
  • නින්ද අඩුවීම
  • ආහාර වේල් මග හැරීම
  • මත්පැන් (විශේෂයෙන් රතු වයින්)
  • උපත් පාලන පෙති/කරල්
  • කාලගුණ වෙනස්වීම්
  • චොකලට්
  • ආහාර සුරක්ෂිතකාරක හෝ එකතු කරන ද්‍රව්‍ය (MSG වැනි)
  • කැෆීන්

ඉක්මනින්ම  වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අවස්ථා මොනවාද?

  • නිදිමත අධික බව (drowsiness) , සිත අවුල් වීම (confusion), හෝ අත් පා වල දුර්වලතාව
  • ඇහැරවීමට අපහසු වීම හෝ දීප්තිමත් ආලෝකය ඇස් වලට වේදනා දීම
  • අපස්මාරය  හැදුනා වගේ fits (seizure)
  • වමනය
  • ඇස්වල පෙනීම  අපහසු වීම හෝ නැතිවීම
  • බෙල්ලේ වේදනාව හෝ එය දැඩි වීම (stiff neck)

හිසරදයක් ඇතිවූ විට ප්‍රථමාධාර ලෙස අපට ගෙදරදී කළ හැක්කේ මොනවාද?

  • ප්‍රමාණවත් ලෙස දියර (විශේෂයෙන් ජලය) පානය කරන්න
  • ආහාර වේල මග හැරීමට හෝ ප්‍රමාද කිරීමට නොයන්න (වමනය නොමැති නම්)
  • අඳුරු, නිශ්ශබ්ද කාමරයක වැතිරී විවේක ගන්න (හැකි නම් නිදාගන්න )
  • උණුසුම් සහ සීතල තැවීම් මාරුවෙන් මාරුවට (මිනිත්තු 20 බැගින්) නළලට, හිස පසුපසට හෝ බෙල්ලට තබන්න
  • විද්‍යුත් තිර භාවිතයෙන් නතර කරන්න

හිසරදයට සාමාන්‍යයෙන් භාවිතා කරන ඖෂධ වන්නේ පැරසිටමෝල් සහ ප්‍රතිඝාතක (anti-inflammatory) ඖෂධ වේ. නමුත් දින 15 කට වඩා  එක දිගට භාවිතා කළහොත්, ‘ඖෂධ අධික භාවිතයෙන් ඇතිවන හිසරද’ (medication overuse headache) නම් හිසරදයක් ඇති විය හැක. හිසරද හෝ මයිග්‍රේන් නිතර සිදුවන්නේ නම්, ඔබේ වෛද්‍යවරයා දෛනිකව ගත යුතු වැළැක්වීමේ ඖෂධයක් ගැන ඔබට උපදෙස් දෙයි. නමුත්  ඔබට හොඳින් ගැළපෙන ඖෂධයක් සොයාගැනීමට කාලයක් ගත විය හැක.’

මේවගේ තවත් දරුණු හිසරද වර්ග මතක් කර දෙන්න පුළුවන්ද?

‘Cluster Headache එක තැනක ඉන්න බැහැ. හිසේ එක පැත්ක විතරයි හැබැයි වැඩිපුර පිරිමින්ට තමයි හැදෙන්නෙ. වැඩිපුරාත්‍රියට පැයක් දෙකක් වරින් වර ඉතා දරුණු පොකුරක් වගේ හැදෙන රෝගයක්. මෙය ස්නායු වලට සම්බන්ධ  රෝගයක්.

පීනස නිසා තද හිසරදය ඇතිවෙනවා. සයිනස් ආසාදනයක් (සයිනුසයිටිස්) යනු ඔබේ හිස් කබලේ (සයිනස්) වාතයෙන් පිරුණු අවකාශයන්හි සෙම පිරීමක් ඇතිවන අතර  මුහුණේ වේදනාව/පීඩනය, ඝන නාසයේ ශ්ලේෂ්මවල , තදබදය සහ හිරවීම ඇති කරනවා..

සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාව, අසාත්මිකතා මත ඇතිවන මෙම රෝගය , බොහෝ විට විවේකයෙන් සහ නිවසේ රැකවරණයෙන් විසඳා ගත හැකි නමුත් සමහර විට දරුණු හෝ දිගු කාලීන (මාස 3 කට වඩා වැඩි) නම් ප්‍රතිජීවක අවශ්‍ය වේ.’

වෛද්‍ය අශෝක ඩයස්


Clinical Director at  Otahuhu Health Centre
Otahuhu, Auckland , 0211562924, asokadias@gmail.com

සාකච්ඡා කළේ, දයා ප්‍රතාපසිංහ – ඕක්ලන්ඩ්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.