තරු එලිවලින් ඔබෙ නෙත’ග එළිය වන රෑක,
පපු සූරන හද ගැස්ම ඇහෙන හැම පැයක,
හීනයක් වී ආදරය එළිය කළ ලොවක,
කලා මැදිරි එළිවල පවා මා හෙවුවේ ඔබව.
දොළහෙ කනිසම ඇහෙන විට හැමදාක,
තෙත්ව ගිය ඇස්පියන් යට තවම,
ඉකි බිදින මගෙ සාර සිතුවිලි ඔබට,
නොදැනුණේ ඇයි ඔබට මේ මාව.
මා දෑස මානේ ඔබ කී කතාවන් හරි රහට,
මා තනිය නොතනිය නිසාවෙන් පෙරදාක,
නෙතු ඔබේ නම් එය සිඹිනවා මම හැමදාක,
තවම ඒ හීන ගොළුවෙලා මගෙ ලොවෙම.
ආලේ නෙතු දුරයි ඔබෙ සිහිනයක තරම,
තාම මග බලනවා ඔබෙ ස්නෙහය සිඹින,
ආදරය මුලාවක් මගේ රන් මැණික,
තරු එළි පවා කිවේ ඒ …රහස ,
ඉතින් පවසන්න ඔබ (නො) එන බව තවම !
By Gavithri Yatigammana – Wellington