නවසීලන්ත ශ්‍රී ලංකා ප්‍රසාංගික කලා කවය.
NZ Sri Lanka Performing Arts Circle.
ශ්‍රි ලංකා නවසීලන්ත කලා කවය සංවිධානය කළ ළමා සංගීත රාත්‍රිය 2025.07.12 දින නෝර්ත් ෂෝ නගරයේ Pickle Cafe හිදී ඉතා සාර්ථකව අවසන් වීය. එහිදී කුඩා දරුවන් ලාංකීය ගීත ගායනා කළ අතර සුප්‍රසිද්ධ ගේය පද රචක ප්‍රියානන්ද විජේසුන්දර මහතා ගීත ගැන විචාරයක් ඉදිරිපත් කළේය. සංගීතය දිලන්ත, දුෂාන්ත සහ මිතුරන් විසින් මෙහෙයවන ලදී.
එහි සභාපති රනුක පෙරේරා සහ කලා සංගමයේ භාරකාරත්ව හා සාමාජික මහත්ම මහත්මීන්ගේ සහායෙන් මෙය සාර්ථක කර ගැනීමට මහත් පරිශ්‍රමයක් ගත් බව පෙනෙන්නට තිබුණි.







