fbpx
11.1 C
New Zealand
Friday, September 13, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

සරත් සමයේ රෝසමල් – කැතරීන් හෝවෙ

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

හිතේ හොරකම තියාගත්තු දරුවෙක් මෙන්  හිමිදිරිය ගාටයි. මගේ අමුත්තා උදෙන්ම අවදි වී ඇත. අත්වාරුව නාන කාමරයට ගාටනවා ඇසෙයි.

අම්මා හා මම හදිසියේ නැවත එකට කල් ගෙවන්නට සිදුවීම උද්දාමයකි. බිය ගෙන දෙන්නකි.

ජීවිතයේ  එක අභියෝගයකින් පසුව තව එකකට මුහුණ දෙමින් ඇය වැහැරී යයි. සිටි එකම පිරිමින් දෙදෙනා, සැමියා හා පුතා  සොහොනට එක්ව ඇත.

‘ඔයාගේ අක්ක මාව සෑහෙන කාලයක් හොඳට බලා ගත්තා,’යි කියමින් ඇය උදේ කෑම පිඟානට එබෙයි. ‘එයාට මම කොච්චර ණයද?’ ඇය කියයි.

‘ඔව්, අම්මා. මම දන්නවා,’ ඇද විට්ටමේ ඉඳගනිමින් මම කියමි. වැරදිකාරයෙක්ය  යන හැගීම මසිතට ඇතුලු වෙයි.

‘අම්මා අම්මගෙ යුතුකම් කළා. අමතක කරන්න එපා. ගේ දොර, ළමයි බලා ගත්තා.’ මා කීවත් ඈ මගේ වචන ගණන් ගත්තේ නැත.

‘මට ෂෝක් කමරයක් තිබුණා.’ ඇය අක්කා ගැන වර්ණනා කරගෙන ගියාය. ‘හොද කෑම. හැමදාම ඉරිදට පල්ලි අරන් ගියා. ජැනිස් කවදාවත්  දෙවියන් ගැන විස්වාසෙ  නැති කරගත්තේ නෑ.’‍

හැමදාම වගෙ අප අතර සමීප විය නොහැකි  බෙදීම වූ  අතෘප්තිය, සැර පරුෂ වචන, ළගා විය නොහැකි අපේක්ෂාවලින් හැදුන බිත්තිය අදෘෂ්‍යමානව  එහි වීය.

‘ඇයි අම්මට සනීප නැද්ද?’ නොන්ඩි ගහන වයසක බළලෙකු  මෙන්  දුමාරය දාන නාන කාමරයෙන් එළියට එන ඇයගෙන්  මම අසමි.

‘ගණන් ගන්න එපා. දැන් ඇදිලා පැදිලා ගිහින්.’ හුස්ම ගන්න මුව අයා  ඇය කියයි. තෙඩෙත්තුවට ඇගේ මුහුණ සුදුමැලි වී යයි. ‘මට ටිකක් මාන්සි අරින්න ඕනැ.’

උදේ බිත්තියට හේත්තු වී මගේ අම්මා මිය යාම පිණිස මා ළගට ආවාවත්ද කියා මම සිතමි. ඒත් ඇගේ කම්මුල්වල සනීප පෙනුමක් පළවෙයි. කුඩා සිනහ ඉරක් මුවග ඇදී යයි. කාලයක් යන විට ඇයගේ කුදු ගතිය අඩු වී ඇත. ඒත් බාගෙට කෑ කෑම පිඟාන දකින විට ඇයට බඩගිනි දැනීම නැති වී ඇතැයි මම සිතමි.

තමන්නේ ළමයි කරන්නේ මොනවාද කියා බලන අම්මා කෙනෙක් මෙන් හරියටම හෙවනැල්ල වගේ ඈ මා පසු පස කාරමරයෙන් කාමරයට එයි.

‘තවත් සිගරට් බොනව. ඒ?’

‘මම අඩු කරලා.’

‘ඔයා ඒක නතර කරන්න ඕනැ. පොඩි දෙයක්.’ ඈ කියයි. ‘දැන් කාලෙ ඔක්කෝටම නවකතාකාරයො වෙන්න ඕනැ. මේ පොඩි රටකට ඔච්චර දැනුම ගොඩක් තියාගන්න පුළුවන් ද?’

‘මම ලියන්න ආසයි.’

‘වෙන්න ඇති. ඒත් ඔයා ඔක්කොගෙන්ම හැංගිලා.’ ඇය කියයි. ‘තවත් රතු වයින්  බොනව නේද? ඒක හොදද?’

‘සාමි දරුවනුත් වයින් ටිකක් බිව්වා අම්මේ.’

‘නෑ ඒ පළතුරු යුෂ. පැසවපුව නෙවෙයි.’ ඇය කියයි. ‘අද ඔයා පුඩින්  වගෙ දෙයක් හෙම හදන්න කල්පනා කළාද?’ ඇය යම් බලාපොරොත්තුවකින් අසයි.

‘ඇයි අම්මේ, පළතුරු ටිං වගයක් තියනවා. අයිස්ක්‍රීමුත් ඇති.’

‘හා ඒ ඇති, දුවේ.’

‘මම අද අම්මව පල්ලියට එක්කරගෙන යන්නම්.’

‘මාත් එක්ක පල්ලි ඉන්නෙ නැද්ද එතකොට?’ ඇගේ කණ්නාඩිවලින් ඔබ්බට අසතුටක් ඇති බව මම දනිමි.

මෙවර කල් ඇතිව සරත් කාලය ආවත් රතු රෝස තවමත් පිපී ඇත. මම රාත්‍රියේ දී ඇයගේ මේසය මත රෝස මල් පිරවූ පරණ තාලේ වාස් එකක් තැබුවෙමි.

‘ෂා කොච්චර ලස්සනද දුවේ. ඔය වාස් එක. ඔයා දන්නවද, මගෙ අම්මටත් ඔය වගේම එකක් තිබුණා.’

අපි,  ම‌ට වැඩිපුර දැනකියාගන්නට  නොලැබුණ, අත්තම්මා ගැන කතාවට වැටුණෙමු. හරි කෙළින් සිටින දෙමාපියන් ගැන ඈ කතා කළාය. ඇය වැඩිවියට පත් වූ හැටි, අම්මාගේ කැමැත්ත ලබා ගත නොහැකි තීරණ ගැනීම, තව ටික කලකට පසු නැවත මව හා එක්වීම ඈ සිහිපත් කළාය. ඇයගේ මව ලියුකේමියාවලින් මියයාම සිහි කළ ඇය කණ්නාඩිය ගලවා තම ක‍දූළු පිස දා ගත්තාය.  ‘දුප්පත් අම්මා. කවදාවත් මට ඈ බලාපොරොත්තු වුණ තැනට එන්න බැරි වුණා. දැන් හිතලා වැඩක් නෑ. එච්චර වටිනා කාලයක් නැති වෙලා ගියා. එකට ඉන්න තිබුණ කාලෙ.’ ඇය සුසුම් හෙලයි.

‘මං දන්නවා අම්මේ’ මම කියමි. තේරුම් ගෙනම.

පැරණි වාස් එකේ දූවිලි තැවරෙයි. පරවෙන රෝසමල් පෙති ජනෙල් පඩිය මත වැටෙයි. මව නික්ම ගොස් ඇත. සියල්ල පාළු වී ඇත.

මම හිස් කාම‌රයේ සිටගෙන වැළපෙමි.

අනුවාදය:- ශ්‍රී ලංකන්ස්

***

 

සටහන.

උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් කෙරෙන ආත්ම භාෂණයකි. කාලයවර්තමාන කාලයෙන් ලියා ඇත.

චරිත දෙකකි. කථකයා හා මව ය.

මව කථකයාගේ නිවසට පැමිණ මිය යයි. කථකයා තමා මවට සැලකුවේ නැත යන ආත්මපීඩාවට පත්වෙයි.

මෙසේ කෙටි කතාවක පවතින ආකාරයේ ක්ෂණික සිදුවීමක්, ගැටුමක්, එය ඉදිරියට ගෙන යන කතා ශරීරයක් ඇත.

  • මව, දියණිය වන කථකයාගේ නිවසට පැමිණීම ක්ෂණික සිදුවීමය.
  • දෙදෙන වෙන් කරන බිත්තියක් ඇත යන අදහස ගැටුමය.
  • කථකයාගේ සොහොයුරිය ගැන මව අගය කිරීම, දුම් හා  වයින් පානය, පුඩින් සැදීම ගැන ඇසීම, පල්ලි එක්ක යාම ගැන සිදුවීම මේ ගැටුම තීව්‍ර කරයි.
  • මවගේ මරණය කතා ශරීරය උපරිමයට පත්වීමය.
  • හිස් කාමරයේ කථකයා වැළපීම සමාප්තියයි.

සෑම දරුවෙක්ම මියගිය මවට පියාට සැලකීමේදී වූ අතපසුවීම් ගැන පසුතැවෙයි. එය තේමාවය.

මෙවැනි කෙටි සිදුවීමක් ගෙන ‘කෙටි-කෙටි කතා’ (Flash) ලිවීම හොඳ අත්දැකීමක් ගෙන දෙන්නකි.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.