fbpx
13.3 C
New Zealand
Sunday, November 22, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

ඖෂධීය පාන වර්ග (Herbal Drinks) පානය කිරීම ඇත්තටම සෞඛ්‍යයට හිතකර ද? | Dr.Nilakshi Lenora

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ආයුබෝවන් !

හැමදාම සෞඛ්‍ය ගැටළු සහ ඒවාට විසඳුම් පිළිබඳව කතා කරන නිසාම අද දවසේ මම හිතුවා සෞඛ්‍ය ගැටලුවලින් වැළකී සිටීම ගැන කතා කරන්න. ඒ සඳහා අපිට ලෙහෙසියෙන්ම කරන්න පුළුවන් හොඳ සෞඛ්‍ය පුරුද්දක් ගැන දැනුවත් වෙමු.

දීර්ඝ කාලීනව දිනපතා දෙතුන් වතාවක් ශරීරයට ලබා ගන්නා ඖෂධීය පාන වර්ග පිළිබඳව මීට වඩා අපි දැනුවත් විය යුතු නැතිද ?

ඖෂධීය පාන වර්ග එහෙමත් නැත්නම් මේ වෙනත් විට බොහෝ දෙනා අතරන් ප්‍රසිද්ධ Herbal Drink/Herbal tea.

මේ වෙනකොට ඖෂධීය පාන වර්ග ඖෂධීය ද්‍රව්‍යවලින්ම විතරක් සෑදීමත් ඖෂධීය ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් තේ කොළ සමග මිශ්‍ර කර සෑදීමත් යන ක්‍රම දෙකෙන්ම වෙළඳපොලේ දක්නට ලැබෙනවා.

මුලින්ම කතා කරමු ඖෂධීය පානයක් වෙළඳපොළෙන් ලබා ගැනීමේ දී අපි විසින් නොදැනුවත්ව කෙරෙන වැරදි.

ඖෂධ වර්ග තේ කොළත් සමග මිශ්‍රව ඇති විට ඖෂධීය වටිනාකම ලබාදෙන සංඝටක ශරීරයට අවශෝෂණය කිරීම අඩුකරයි. උදාහරණයක් විදිහට තේ කොළවල අඩංගු Polyphenols සහ tannins මගින් යකඩ අවශෝෂණය (lron absorption) අවහිර කරයි. මේ වෙනකොට ලොව පුරා ප්‍රසිද්ධ Green tea අධික ලෙස පානය කිරීම රක්ත හීනතාවයට (Anemia) මූලික වී තිබෙන බවට අලුත්ම දත්ත වාර්තා ඉදිරිපත් කරයි.

සාමාන්‍යයෙන්ම අපි ඖෂධීය පාන වර්ග සෑදීමේ දී සෙල්සියස් 100 උෂ්ණත්වයේ ඇති ජලය භාවිත කරනවා. සමහර ඖෂධීය පාන වර්ග සඳහා වියළි මී පැණි කැබලි එකතු කර ඇත. අධික උෂ්ණත්වයේ දී මී පැණිවලින රසායනික සංයුතිය වෙනස් වී ශරීරයට විසකාරක බවක් එකතු කරයි.

අපි දැනගෙන සිටිය යුතු වැදගත්ම අනිත් කාරණය නම් වෙළඳපොලේ ඇති ‘Herbal Tea Bag”. මේ Herbal Tea Bag නිෂ්පාදනය කරනුයේ මොනවාවලින් ද ? මේ අමුද්‍රව්‍යය අපේ ශරීරයට හිතකරද ?
සාමාන්‍යයෙන් Tea Bag නිෂ්පාදනය සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය ශරීරයට හිතකර සහ අහිතකර වර්ග දෙකක් ඇත. Tea Bag නිෂ්පාදනය සඳහා භාවිතා කරන බොහෝ අමුද්‍රව්‍ය උෂ්ණත්වය අධික ජලයේ දී ශරීරයට හානිකර සංඝටක ( Microplastics ) විශාල ප්‍රමාණයක් මුදා හරි. මේවා ශරීරයේ දීර්ඝ කාලීනව තැන්න්පත් වීම මගින් පසුකාලීනව ශරීරය රෝගී කරයි. මේ නිසා ඖෂධීය පාන වර්ග ලබාගැනීමේ දී හැකිතාක් Tea Bag භාවිතය අවම කරන්න.

අනිත් කාරණය තමයි බොහෝ දෙනෙක් මේ වෙනකොට පානය කිරීමට පුරුදු වී සිටින Green Tea උණුසුම් ජලය තුළින් විනාඩි හතරකට වඩා බොහෝ වේලාවක් තැබීමේ දී එම තේ කොළවලින් Caffein සංඝටකය මුදා හරින බව. අධික Caffein සංඝටකයේ ශරීරයට ලැබීම කෙටි කාලීනව හිතකරවන නමුත් අධික ලෙස දීර්ඝ කාලීනව ශරීරයට ලැබීම අහිතකර වේ. නොදැනුවත්ව මේ හේතුව ශරීරයේ බොහෝ පරිවෘත්තීය රෝග (Metabolic Disorders) සඳහා බලපානු ඇත.

ඉහත කරුණු සලකා බැලීමේදී ඔබට හිතෙන්න පුළුවන් ඖෂධීය පාන වර්ග නිතරම ශරීරයට ලබා ගැනීම නුසුදුසුයි කියල. පිළිතුරු නැහැ.

ඖෂධීය පාන වර්ග නිවැරදි ලෙස ශරීරයට නිතර ලබා ගැනීම ඉතාමත් හොඳ සෞඛ්‍ය පුරුද්දක්. අපි දැන් ඒ ගැන විග්‍රහ කරමු.

සියලූම ඖෂධීය පාන වර්ගවලින් බොහෝ ලෙස ප්‍රතිඔක්සිකාරක අඩංගු වේ. මොනවද මේ ප්‍රතිඔක්සිකාරක.
Antioxidants සරලවම කිව්වොත් ප්‍රතිඔක්සිකාරක කියන්නේ අපේ ශරීරයේ අහිතකර සංඝටකවලින් ආරක්ෂා කර ගැනීමට ඒ වෙනුවෙන් සටන් වදින සංඝටක. මේ ප්‍රතිඔක්සිකාරක අපි ලබා ගන්නා පළතුරු, එළවළු, ඇට වර්ගවල බොහෝ සෙයින් අඩංගු වෙයි. නමුත් ආහාරයක් පිරිසිදු කිරීමේ දී, සකස් කර ගැනීමේ දී, කල්තබා ගැනීමේ දී, පිසගන්නා ආකාරවල දී මේ ප්‍රතිඔක්සිකාරක බොහෝ ප්‍රමාණයක් විනාශ වෙනවා. නමුත් ඖෂධීය පාන වර්ග පානය කිරීමෙන් ලෙහෙසියෙන් ආරක්‍ෂාකාරීව මේ ප්‍රතික්ෂිකාරක ශරීරයට ලබා දිය හැකියි. මෙම ප්‍රතිඔසිකාරක මගින් ශරීරය වයසට යෑම වැළක්වීම, ශරීරයේ තුළ ඇති අහිතකර සංඝටක ශරීරයෙන් ඉවත් කිරීමට උදව්වීම, ශරීරයේ නිය, කෙස්, සම පෝෂණය කිරීම , ශරීරයේ පැහැය උද්දීපණය කිරීම, ශරීරයට අවශ්‍ය විටමින් වර්ගහා ඛනිජ ලවන අවශෝෂණය වැඩි කිරීම සිදුකරයි.

ඒ විතරක් නොවෙයි බොහෝ විට අපි මේ ඖෂධීය පාන වර්ග ලබාගන්නේ මද උණුසුම් උෂ්ණත්වයෙන්. මද උණුසුම් ජලය පානය ශරීරයේ අනවශ්‍ය මේද දහනයට උපකාරී වේ. ඒ වගේම ශරීරයට ජලය ලැබීම ශරීරය විජලනයෙන් ආරක්ෂා කරයි. මුත්‍රා රෝග අවම කරයි. මුත්‍රාගල් සෑදීම අවම කරයි. මළපහ පිට කිරීම පහසු කරවයි.

ඉහත අපි සඳහන් කළ පොදු හිතකර සාධකවලට අමතරව එක් එක් ඖෂධ වර්ගවලින් එම ඖෂධ වර්ගවලට වෙන් වූ හිතකර ක්‍රියාවන් ශරීරයට ලබා දෙයි. ශරීරය පෝෂණය කරයි.

ශරීරයට පමණක් නොවේ මානසික නිදහස, මානසික සමබරතාවයටත් නිතරම ඖෂධීය පාන වර්ග ලබා ගැනීම උපකාරී වේ.

නින්දට පෙර විශේෂ වූ ඖෂධීය පාන වර්ග ලබා ගැනීම සුවබර නින්දකට උපකාරී වේ.

ශරීරය බොහෝ ලෙඩ රෝගවලින් බේරා ගැනීමට උපකාරී වෙයි.

මෙම ඖෂධීය පාන වර්ග ඔබ දීර්ඝ කාලීනව ලබා ගන්නා නිසා එයින් ඔබේ ශරීරයට ලබා දෙන ගුණ සහ අගුණ ඔබ අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතුය.

අපි ලබාගන්නා ඖෂධීය පාන වර්ගය අඩංගු වන සංඝටක අපේ ශරීරයට බලපාන්නේ ?
කොහොමද අපේ ශරීරයට ගැළපෙන පරිදි ඖෂධීය පාන වර්ග තෝරාගන්නේ ?
නිවසේදීම තමන්ට ගැළපෙන ඖෂධීය පාන වර්ගයක් සකස් කරගන්නේ කොහොමද ?
ඉහත ප්‍රශ්නවලට පිළිතුරු අපි ඊළඟ SriLankanz මාසික සඟරාවේ දී කතාකරමු.

Dr. Nilakshi Lenora
BAMS(Hon’s)Colombo University Founder/Director Ceylon Ayurveda Medical & Wellness Centre
Professional Medical Trainer of Health New Zealand Green Prescription Project
Guest Lecturer in University of Canterbury
Pancha Karma and Yoga Practitioner
Registered in NHPNZ(2970)
info@ceylonayurveda.co.nz

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.