සීමා, මායිම්, වැටකොටු ගසාගෙන
ජාති, කුල, පාට, වර්ග වලට බෙදී
ලබන සුවේ කීම නොම වැටහෙන්නේ
සිතන්නට බැරිද දැන්වත් නුබලට.
නුබේ ඇගේත් මගේ ඇගේත්
දුවන්නේ එකම රුහිරු නම්
ඇණ කොටාන එකිනෙකා පරයා දුවන
මේ දිවිල්ලේ නැවතුම කොහේද?
එපා කිසිදින අත දෙන්න රුදුරු යුද්ධය ට
හැකිද කිසිවෙකුට සැනසෙන්න යුද්දේ නමින්
ආගම, ජාතිය කිසිවක් තව නොදන්න
පුංචි කැකුළු මොන වරදක් කරලද මේ මැරෙන්නේ
By Priyanthi Opatha – Auckland