ඕක්ලන්ඩ්, පෙන්රෝස්, ඕක්ලන්ඩ් බෞද්ධ අධ්‍යයන කේන්ද්‍රයේ වස්සාන අවසාන මහා පිංකම් 2025 ඔක්තෝබර් මස 17 හා 18 දෙදිනට යොදා ගෙන තිබුණි. ඔක්තෝබර් 17 වන දින සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයෙන් පසුව ඔක්තෝබර 18 වන දින මහා සංඝයා විෂයෙහි හීල දානය හා දහවල් දානය පිළිගන්වනු ලැබිණ. මේ දින වඩාත් ප්‍රධානතම පුණ්‍යමය කාර්යය වූයේ, භාරගන්නා ලද දායක දායිකාවන් විසින් අනෙකුත් සියලු දෙනාගේ හා විහාරස්ථ භාරකාරත්වයේ ද සහායෙන් සූදානම් කරන ලද සම්ප්‍රදායික කඨින චීවරය සඟසතු කර පූජා කිරීමයි. විහාරාධිපති පූජ්‍ය බමරපානේ සුධම්ම ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සංවිධානය වූ මෙම පුණ්‍ය කර්මයට ඔක්ලන්ඩ්, නෝර්ත්ෂෝ, හැමිල්ටන්, වෙලිංටන් හා ක්‍රයිෂ්චර්ච් විහාරස්ථානවලින් අට නමක් සහභාගි වූහ.






