1997 නවසීලන්තයට සංක්‍රමණය වූ පසු වෛද්‍ය අශෝක ඩයස් මහතා මානසිකමය, සමාජමය හා අධ්‍යාත්මික යහපැවැත්ම කෙරේ අවධානය කරමින් ශ්‍රී ලාංකික ප්‍රජාවට මහත් සේවයක් කර ඇත. 2022 දී QSM සම්මානයෙන් පුද ලැබූ ඒ මහතා ඔටාහුහු වෛද්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වරයාය.
මේ නවසීලන්තයේ ශීත සෘතුවයි. බොහෝ දෙනෙකු වින්ටර් ෆ්ලූ-Winter Flu වලට ගොදුරු වන කාලයයි. ශ්‍රී ලාංකිකයන් වැඩිදෙනෙකු මෙය සලකන්නේ සෙම්ප්‍රතිශ්‍යාවක් වැනි ශීත කාලයේ සැදෙන සාමාන්‍යය රෝගයක් ලෙසය. නවසීලන්තයේ, 1918 දී ජීවිත 9000ක් පමණ මිය ගිය අදත් වසරකට ජීවිත 400 ක් පමණත් මිය යන මෙය රෝගය එවැනි සරල රෝගයක් නොවන බව මේ සාකච්ඡාවේ දී වෛද්‍ය අශෝක ඩයස් මහතා පැහැදිලි කර දේ.
වින්ටර් ෆ්ලූ මාරාන්තික රෝගයක්ද?
වින්ටර් ෆ්ලූ කියන්නෙ ඉන්ෆ්ලූවන්සා රෝගයට. සෙම්ප්‍රතිශ්‍යාවට වඩා දරුණු රෝගයක්. මෙම රෝගය නිසා නවසීලන්තයේ වසරකට 400 ක් පමණ මිය යනවා. 1918 දී FLU වසංගතයෙන් නවසීලන්ත වැසියන් 9000 ක් පමණ මියගියා.
ඉන්ෆ්ලූවන්සා රෝගයට එන්නත් රජය මගින් නොමිලේ ලබා දෙනවද?
මාස 06 වැඩි දරුවන්ගේ සිට මෙම එන්නත් ලබා ගත හැකියි. නමුත් නවසීලන්ත රජය නොමිලේ ලබා දෙන්නේ අවුරුදු 65 වැඩි අයටත් නිධන්ගත රෝගීන්ටත්, ගර්භනී මව්වරුන් වැනි අයට පමණි. අනිකුත් අයට මුදලක් ගෙවා මෙම එන්නත අප්‍රේල් මාසයේ සිට පවුලේ වෛද්‍යවරයාගෙන් හෝ සමහර ෆාමසිවලින් ලබාගත හැකියි.
එන්නත ලබා ගැනීමෙන් පසු මෙම රෝගය සාර්ථකව වැළැක්වෙනව ද?
ඉන්ෆ්ලූවන්සා වෛරස් රෝගයක්. මෙවැනි වෛරස් රෝග රැසක් තිබුණත් ප්‍රධාන වශයෙන් බලපෑම් සිදුවන්නේ වර්ග දෙකකටයි. ඒ කියන්නේ ඉන්ෆ්ලූවන්සා A හා B වර්ග දෙක. C වර්ගය මිනිසුන්ට නොවැළදෙන තරම්. D වැළදෙන්නේ සතුන්ට. මෙයින් A වර්ගය තමයි මාරන්තික. නිව්මෝනියාව වැළඳීම නිසා මිය යෑම බහුල කාරණයක් නවසීලන්තයේ.
එන්නත විදීමෙන් පසු ඉන්ෆ්ලූවන්සා වෛරසය පාලනය වන බව ඉහත කියමනෙන් පැහැදිලි වෙනවද?
එහෙම කියන්නම බැහැ. වසරින් වසර වින්ටර් ෆ්ලූ එන්නත වෙනස් වෙනවා. 2024 වසරෙදි ලෝකයේ සමහර රටවල තිබුණු ඉන්ෆ්ලූවන්සා වර්ග 4 ක් 2025 එන්නතට (quadrivalent) එකතු කරලා තිබෙනවා. මෙම එන්නතින් එම sub types හතරින් එකක්වත් වැළඳෙන්නේ නැහැ. නමුත් අනිකුත් sub types වැළදෙන්න පුළුවන්. එහෙම වුණත් මෙම එන්නත මගින් එම වැළදෙන රෝගයේ බොහෝ රෝග ලක්ෂණ සමනය කිරීමේ හැකියාවක් මෙම එන්නතේ තිබෙනවා. එමගින් රෝගය පාලනයකරනවා .
සෙම්ප්‍රතිශ්‍යාව හා ඉන්ෆ්ලූවන්සා අතර වෙනස පැහැදිලි කරන්න.
සෙම්ප්‍රතිශ්‍යාවට කියන්නෙ Head Cold කියලා. ඒ කියන්නේ නාසය, උගුර, මුඛය සහ ඔළුව ආශ්‍රිත රෝගයක්. ඉන්ෆ්ලූවන්සාවලට කියන්නෙ Chest Cold කියලා. එය පපුව පෙණහැල්ල ආශ්‍රිත රෝගයක්. ඒනිසා පෙණහැලිවල ඇති වායු කුටි ආසාදනය වෙලා ආරක්ෂක වැළඳෙන්නේ එකතු කිරීම සිදුවේ.එම සුදු රුධිරාණු සෛලවල ක්‍රියාකාරකම් හේතු කොට ගෙන හැදෙන ශරීරයේ ප්‍රතිචාරය ලෙස රසායනික මධ්‍යස්ථක නිකුත් කිරීම සහ ආසාදිත ප්‍රදේශයට එයට අමතරව ද්‍රව නිකුත් වීම සහ පූයක්කාර ද්‍රව්‍ය එකතු වීමද සිදුවේ. මෙයට අපි කියනවා Inflammatory Soup එකක් කියලා. එයින් වායු කුටි පිරෙනවා. එවිට වතුරේ ගිලුණු අයෙකුගේ තත්වයට පත්වී රෝගියා මිය යනවා. එයට නිව්මෝනියාව කියලා හඳුන්වනවා. නමුත් සෙම්ප්‍රතිශ්‍යාව හැදුනට නිව්මෝනියාව හැදෙන්න ඉඩ ප්‍රස්ථා අඩුයි. ඒ නිසා සෙම්ප්‍රතිශ්‍යාවට වඩා වින්ටර් ෆ්ලූ මාරාන්තිකයි.
සෙම්ප්‍රතිශ්‍යාවට තද උණක් එන්නෙ නැහැ. හිසරදය,සොටු දියර ගැලීම වැනි දේවල් රෝගී ලක්ෂණ වෙන්නෙ. නමුත් ඉන්ෆ්ලූවන්සා තද උණක් සමග හුස්ම ගැනීමේ අසීරුව, මුළු ශරීරයේම අධික වේදනාව, කතා කිරීමේ අපහසුව කෑම අරුචිය ඇති වෙනවා. කෙනෙකුට එකපාරම අංශක 40 විතර තද උණක් ගන්න පුළුවන්. මෙවැනි ලක්ෂණවල දී වහාම වෛද්‍ය වරයකු හමු විය යුතුමය. රයිනෝවයිරස (Rhinoviruses) යනු සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවන්ට ප්‍රධාන හේතු වන වෛරසයයි. ඒවා සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න වයස්ගත පුද්ගලයන්ට ගැඹුරු නියුමෝනියා ඇති නොකරයි. නමුත්, ජීව ශක්තිය අඩු ළමුන්ට හෝ අනෙකුත් අවපසු සෞඛ්‍ය තත්ත්වයන් ඇති ළමුන්ට නියුමෝනියා ඇති කළ හැකි බව National Institutes of Health (NIH) පෙන්වා දෙයි.
මෙම රෝග වැළඳුණු පසු රෝගියා අනුගමනය කළයුතු විශේෂ කාරණා මොනවාද?
සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට හේතු වන වෛරසය මතුපිටවල පැවතිය හැක්කේ පැය 24 දක්වා වේ. ඉන්ෆ්ලුවෙන්සා (ෆ්ලූ) වෛරසය පැය 24 සිට 48 දක්වා පැවතිය හැක. දෙවර්ගයම වෛරස දෘඩ පෘෂ්ඨයන් මෙන්ම උදාහරණයක් ලෙස ලෝහය හෝ ප්ලාස්ටික් මත දිගු කාලයක් පැවතිය හැකි අතර රෙදි හෝ කඩදාසි මත එය වේගයෙන් විනාශ වේ.
එබැවින් ටිෂුයි කොළ පාව්චිකර එය කුණු භාජනයට දමා වැසිය යුතුයි. මුහුණු ආවරණ, විෂබීජ නාශක පාවිච්චිය ද උණුවතුර පානය හුමාලය වැනිදේ භාවිතා කිරීම අත්‍යාවශ්‍ය කරුණු වෙයි. සෙම්ප්‍රතිශ්‍යාව රෝගියා එම රෝගය පැතිරීම වැළැක්වීමට උනන්දු විය යතු අතර වින්ටර් ෆ්ලූ රොගියා තමන්ගේ රෝග තත්වය ගැන ඉතා වැඩි අවධානයක් ද අනෙකාට බෝවීම වැළැක්වීමට ද වග බලා ගැනීම අත්‍යාවශ්‍යය.
මෙම රෝග දෙක වෙන් කර හඳුනා ගැනීම කළ හැකිද?
රෝගය වැළඳී දින 01 දිට 04 ක් දක්වා ෆාමසිවලින් ඩොලර් 9.00 ට පමණ මිලදී ගත හැකි පරීක්ෂණ මෙවලම්වලින් තම තමන්ට පහත සඳහන් පෙනහළු ආශ්‍රිත රෝග හතරක් පරීක්ෂා කර ගත හැක.
ඉන්ෆ්ලූවන්සා A & B වලට අමතරව RSV හා Covid 19 රෝග හඳුනා ගත හැක. මෙම පරීක්ෂණ පවුලේ වෛද්‍යවරයා ළඟින් සිදු කර ගත නොහැක. (RSV වෛරසය සාමාන්‍ය සෙම්ප්‍රතික්ශාවට සමාන ලක්ෂණ ඇති කරන අතර එය දරු දැරියන් අතර ඇති වීමේ හැකියාව වැඩිය).
වෛද්‍යවරුන්ට රෝග ලක්ෂණ සහ භෞතික පරීක්ෂණයක් මත පසු නියුමෝනියාව තීරණය කළ හැකි නමුත් නිරවද්‍ය තීරණයක් ලබා ගැනීම සහ ආසාදනය වූ පරිමාණය තීරණය කිරීම සඳහා බොහෝවිට චෙස්ට් එක්ස්-රේ (CXR) අවශ්‍ය වේ. එම පරීක්ෂණය හරහා නියුමෝනියා සඳහා ලක්ෂණාත්මක වන වායු කෝෂවල ගිලන් වීම (inflammation) දෘශ්‍යමත් කරගත හැක.
ඉහත තොරතුරු අනුව සංෂිප්ත කරුණු පහත සඳහන් කරමි.
ඉන්ෆ්ලුවෙන්සා යනු පුද්ගලයින් අතර ඉතා ඉක්මනින් පැතිරෙන වෛරසයක් වේ.
ඉන්ෆ්ලුවෙන්සා පැතිරෙන ආකාරය නම් පුද්ගලයෙකුගෙන් අනෙක් පුද්ගලයෙකුට ඉතා ඉක්මනින් පැතිරෙන වෛරසයකි. මෙය ස්පර්ශය හරහා හෝ ගුවනේ ඇති ජාල වාෂ්ප හරහා පැතිරේ. මෙයට හේතුවන කරුණු අතර පුද්ගලයින් සමඟ සෘජු සම්බන්ධතාවය,වෛරසය ඇඳී ඇති මතුපිටවලට ස්පර්ශ වීම, මුහුණට මුහුණලා කැස්ස හා කතා කිරීම වැනි දේ වැදගත්ය.
ඔබට නවසිලන්තයේදී වැළඳීමට වැඩි අවදානමක් ඇති කාලය වන්නේ මැයි සිට ඔක්තෝබර් දක්වා වෙයි.
වැඩිහිටියන් රෝග ලක්ෂණ පැන නගී පළමු දිනයන් 3-5 අතර විශේෂයෙන් ආසාදනීයය. කුඩා තරුණ ළමයින්ට වඩා දිගු කාලයක් දින 5කටත් වැඩි කාලයක් ආසාදනීය විය හැක.
ඉන්ෆ්ලූවන්සා වෛරසය ඔබේ නාසය, ආශ්වාස නාලිකා ආසාදනය කරයි. මෙය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට වඩා බරපතල වේ.
ඔබට මෙය වැළඳීමෙන් පසු ලක්ෂණ පැන නැඟෙන්නට දින 1 සිට 4 දක්වා ගතවිය හැක. බරපතලම ලක්ෂණ සාමාන්‍යයෙන් දින 5ක් පමණ පවතී. නමුත් කැස්ස දින 14-21ක් පමණ දිගටම පවතී.
පහත ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයකු හමුවන්න.
- ඉතා තද උණ
- අධික සීතල දැනීම ( වෙව්ලන්නත් පුළුවන්)
- සිරුරේ මාංශපේෂි වේදනා
- හිසරදය
- කැස්ස හා හුස්ම ගැනීම අපහසුවීම
- කෑම අරුචිය
- විජලනය
සාකච්ඡා කළේ: දයා ප්‍රතාපසිංහ – ඕක්ලන්ඩ්







